පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර.

පාර්ලිමේන්තුවට පනතක් ගේනකොට ඒක නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව තමයි විවාදයකට ගේන්න ඕනේ. ආණ්ඩුව තමන්ට කැමති විදියට ගෙනල්ලා, ඊට පස්සේ කියනවා නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලියුමක් අරන් දෙන්නම් කියලා. ඒ වගේ කතාවක්නේ මේ යන්නේ.

හැබැයි අවසාන වශයෙන් මෙතෙන්ට ආපුහාම ගරු කථානායකතුමා අපි මේක ප්‍රශ්න කරයින් පස්සේ කියනවා හෙට උදේ දෙන්නම් මේකට උත්තරේ කියලා. ඊට පස්සේ අපි මේකට සංශෝධන ගෙනාපුවහම ඔබතුමා අපේ පැත්තත් බලන්නේ නැතුව අර පැත්තට හායි කියලා නිකන් ඉන්නවා. අන්තිමටම ඔබතුමාට විරුද්ධව විශ්වාසභංගත් ගේනවා. මේ ආණ්ඩුවට හිතුමතේට පනත් සීයක් දෙසීයක් තියෙනවා කියලා දවස ගානේ තමන්ට කැමති විදිහට මේවා සකස් කරලා ගෙනල්ලා හරියන්නේ නැහැ.

පාර්ලිමේන්තු සැසිවාරයකදී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළ අදහස්…..

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>