පාර්ලිමේන්තු මහ ලේකම්
මහ මැතිවරණයෙන් පසු දසවෙනි පාර්ලිමේන්තුව, එලැබෙන නොවැම්බර් මස විසි එක් වැනි දින උත්සවාකාරයෙන් ජනාධිපතිතුමා විසින් විවෘත කිරීමට නියමිතයි. ඒ වාගේම එදින උදේ වරුවේ පෙරවරු දහයට පාර්ලිමේන්තුව රැස් වී දසවෙනි පාර්ලිමේන්තුව සඳහා ගරු කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභාපතිවරයා තෝරා ගැනීමට නියමිතයි.
මෙදින උදෑසන පළමුවෙන්ම පාර්ලිමේන්තුව රැස්වී සියලුම ගරු මන්ත්‍රිතුමන්ලා අසුන් ගැනීමෙන් පසුව පෙරවරු දහයට පාර්ලිමේන්තුවේ කටයුතු අපි ආරම්භ කරනවා. ඒ වන විට ගරු කථානායකතුමා පත් වී නොමැති බැවින්, ප්‍රථමයෙන්ම ගරු ජනාධිපතිතුමා විසින් නිකුත් කොට ඇති ප්‍රකාශන , පාර්ලිමේන්තුව විසුරුවීම සහ නැවත කැඳවීමේ ප්‍රකාශනත් කැඳවන්නේ කුමන වෙලාවටද යන්න සඳහන් ප්‍රකාශනත් පාර්ලිමේන්තුවේ මහලේකම් වශයෙන් මා විසින් එදිනට පළමුවෙන්ම සභාවට කියවනු ලබනවා.
පාර්ලිමේන්තු මහ ලේකම් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>