විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.

සමහරු මට කියනවා ලස්සනට අගමැති වෙලා ජනාධිපති වෙන්න තිබුණනේ කියලා. ඔව් මං පිළිගන්නවා. ඇයි මම ඒ තීන්දුව නොගත්තේ? මම ජනාධිපති වුණා නම්, අගමැති වුණා නම්, මේ රටේ බෙහෙත් වංචාවට අහුවෙලා තියෙන, කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන්, මට අත උස්සන්න සිද්ධ වෙනවාද නැද්ද?

දැන් සමහරු කතාවක් හදාගෙන යනවා, මම අභියෝග භාරගත්තේ නැහැල්ලු. මම බය වුණාලු. මම ලොකුම අභියෝගය බාර අරගෙන 2019 ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අපේක්ෂකයා වුණා. මම ඔය කිසිම කෙනෙකුට බය නැහැ . ඕනම කෙනෙක් එක්ක ඔට්ටු වෙන්න මට පුළුවන්.

මම මේ හොරු එකසිය තිස් හතරෙන් ජනාධිපති වුණා නම්, මට සිද්ධ වෙනවා කෙහෙළිය සරණං ගච්චාමි, හොරු සරණං ගච්ඡාමි කියන්න. මට සිද්ධ වෙනවා රට බංකොලොත් රාජපක්ෂලාට කියන්න, මට ජනාධිපතිකම දෙන්න මම ඔබලාව රැකගන්න දොරටු පාලකයා වෙන්නම් කියලා. හිතුවද ප්‍රේමදාසලා රාජපක්ෂලාගේ දොරටුපාලකයෝයි කියලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජන හමුවකදී ප්‍රකාශ කළ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>