නාමල් කරුණාරත්න
එක මිටට ගොවි බිමට කියන සංකල්පය ඔස්සේ වගා නොකළ සියලුම ඉඩම් වගා කිරීමේ සංග්‍රාමයක් අපි ආරම්භ කරනවා. ඒකේ මූලික කටයුතු දැන් කරගෙන යනවා. වගා නොකරපු ඉඩම් තියෙන හැම ගොවියෙකුටම ලියුමක් එවනවා. ඒ ලියුමෙන් අපි අහනවා, ඇයි ඔබ මේ බිම වගා කරන්නේ නැත්තේ? වගා නොකිරීමට අදාළ හේතු තියෙනවා. සමහර විට ජල ප්‍රශ්නය. සත්තුන්ගේ ප්‍රශ්නය. සමහරවිට වෙළඳපොළ ප්‍රශ්නය, සමහරවිට ශ්‍රමය යොදන්න බැරි ප්‍රශ්නය. සමහරවිට වෙනත් අවශේෂ කාරණා, මේ විවිධ කාරණා මත වගා බිම්, වගා කළ හැකි බිම් අතහැරලා තියෙනවා. අන්න ඒ සියලුම ප්‍රශ්නය අපි හඳුනා ගන්නවා. හඳුනගෙන, ඒ ප්‍රශ්නවලට අපට දෙන්න පුළුවන් විසඳුම් මොනවද කියලා සලකා බලනවා. සලකා බලමින් සියලුම වගා නොකළ ඉඩම් වගා කරන තැනට උත්තේජනයක් සැකසීම සහ ඊට අදාළව ගොවි ජනතාව පෙළඹවීමේ මහා ව්‍යාපෘතියකට අපි මේ වෙනකොට අත ගහලා තියෙනවා.
නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>