ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පී.ඒ.ජී. ප්‍රනාන්දු ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන පී.ඒ.ජී. ප්‍රනාන්දු මෙම පත් කිරීමට පෙර, බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කර තිබෙනවා.

ඊට අදාළ පත්වීම් ලිපිය අද (28) පෙරවරුවේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ජනාධිපති කාර්යාලයේදී ඇය වෙත භාරදී ඇති බවයි සඳහන් වෙන්නේ.