ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව, නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් පසුවන අය වෙත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, Re- entry වීසා සහිතව මෙරටට පැමිණ සිටින අයවලුන්ගේ වීසා වලංගු කාලය ලබන ජූලි මස 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ඊශ්‍රායෙලයේ ජනගහන හා සංක්‍රමණික අධිකාරිය (PIBA) තීරණය කර ඇති බවයි එහි සඳහන් වන්නේ.
ඊශ්‍රායලය වෙත ගුවන් ගමන් ආරම්භ කර ඇති බැවින්, Re-entry වීසා මත මෙරටට පැමිණි අය Re-entry වීසා කාලය අවසන් වුවත් ජූලි 31 වැනිදා දක්වා නැවත ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමුවීමේ හැකියාව පවතින බවයි එහිදී වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.
