ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිට පළා යාමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු නොවැම්බර් 07 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

මේ අතර, ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ පසුවන වෙඩික්කරු ඇතුළු සෙසු සැකකරුවන් ද නොවැම්බර් 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එහිදී නියෝග කර තිබෙනවා.

මෙහිදී බූස්ස බන්ධනාගාරයේ සිටින වෙඩික්කරු ඇතුළු සෙසු සැකකරුවන් Zoom තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Ishara Sewwandi' brought back to Sri Lanka from Nepal