අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉන්ධන බෙදුම්කරුවන්ගේ පිරිසක් කැඳවා තිබෙනවා. ඒ, ඉන්ධන බෙදාහැරීම අඩපණ කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි. ඒ අනුව අද දහවල් දොළහයි තිහට ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපතිවරයා සහ ‍අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීමට නියමිතව තිබෙනවා. පොලීසිය පැවසුවේ, ඉන්ධන බෙදාහැරීමේදී ලබා දෙන වට්ටම් මුදලක් සම්බන්ධයෙන් මතු වූ යම් ගැටලුවක් මත ඉන්ධන බෙදාහරින නියෝජිතයින් යැයි කියා ගන්නා කණ්ඩායමක් විසින් ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය අඩපන කරමින්, රජය අපහසුතාවට පත්කිරීමේ අරමුණින් කටයුතු කර ඒ තුළින් මහජනතාව පීඩාවට ලක්කිරීමට උත්සාහ කරන බවට පැමිණිල්ලක් ලැබී ඇති බවයි.