දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් ප්‍රදේශ යළි ගොඩනැඟීම සඳහා සහාය ලබාදීමට ඉන්දීය රජය තීරණය කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් පවසනවා.

ඒ අනුව, එම ආපදාවට පත් ප්‍රදේශ යළි ගොඩනැඟීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 450 ක් ලබාදෙන බව මීට සුළු මොහොතකට පෙර මාධ්‍ය අමතමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.