අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ඉදිරිපත් වී තිබූ උත්සාහය ව්‍යර්ථ කිරීමට රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල නායකයන් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පක්ෂයේ ඉහළ පෙළේ නායකයන්ගේ සක්‍රීය මැදිහත්වීම මත ආරක්ෂක ලේකම්වරයාට එරෙහි මෙම දෝෂාභියෝග ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සම්පූර්ණයෙන්ම නතර කර තිබේ.
පසුගිය සතියේ පැවති මධ්‍යකාලීන මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂය ලැබූ පරාජයෙන් අනතුරුව, අභ්‍යන්තර වශයෙන් විවිධ බෙදීම්වලට මුහුණ දී සිටින පසුබිමක් තුළ මෙම තීරණය පක්ෂය තුළ යම් එකමුතුවක් පෙන්නුම් කරන වැදගත් සිදුවීමක් ලෙස විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ට එරෙහිව එල්ල වී තිබූ දේශපාලන පීඩනය හමුවේ පක්ෂ නායකත්වයේ ඒකාබද්ධ ස්ථාවරය මත මෙම දෝෂාභියෝග යෝජනාව මෙලෙස පාලනය කිරීමට පියවර ගෙන ඇති බව CNN මූලාශ්‍ර සඳහන් කරයි.
