අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ඔහුගේ මහජන සම්බන්ධතා නිලධාරිනී නිමෝදි වික්‍රමසිංහ යන අය ඉලක්ක කර ගනිමින් අසත්‍ය හා අපහාසාත්මක සමාජ මාධ්‍ය සටහන් සංසරණය වෙමින් පවතිනවා.
එය සම්බන්ධයෙන්, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
Facebook පිටු සහ Web sites කිහිපයක් අමාත්‍යවරයාගේ සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ, පවුලේ සහ වෘත්තීය කීර්ති නාමයට මෙන්ම, ඔහුගේ දේශපාලන චරිතයටද හානි කරන ලෙස සංස්කරණය කරන ලද ඡායාරූප සහ නොමඟ යවන සුළු අන්තර්ගතයන් ප්‍රකාශයට පත් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.
නිමන්ත පෙරේරා, දුමිඳු ජයසූරිය, කේ. ඩබ්ලිව් පද්මසිරි, මංජුල පෙරේරා, රන්නු ජෑස්, තුෂාරි පතිරාජ, පාලිත දේවසිරි, රසිකා විකුම්ප්‍රිය, ප්‍රනාන්දු ඉනෝකා යන අයට සහ ‘ගම්පහ පොදු ජන හඬ’ Facebook පිටුවට එරෙහිවද මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
