කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග ඇමති ලාල් කාන්ත

අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ වැව් පද්ධති සම්පූර්ණයෙන්ම නිදහස් කර ගත යුතුය යන ස්ථීර මතයක තමන් සිටින බවත් ඒ වෙනුවෙන් ක්‍රියා කරන බවත්ය.

වැව්පද්දතිය පිරිසිදු කිරිමේදී අප මුහුණදෙන ප්‍රධාන අභියෝගය  නම් මෙම වැව් තුළ පවුල් පදිංචිව සිටිම බව ද

තමාගේ ගෙට පිටුපස ඇති එල්ලංගාපද්දතියට සම්බන්ධ වැවක, මුලු වැවේම පවුල් පදිංචිව සිටින බව හා දකුණුපස ඇති කුඩාවැව නමැති වැවෙහි යම් කොටසක පවුල් පදිංචිව සිටින බව ද

නුවරවැව ගැන සදහන් කරන විට එහි පවුල් ඉවත්කිරිමේ කටයුතුවලට අතගසා සිටින බවද සදහන් කළ අමාත්‍යවරයා දිස්ත්‍රික් ලේකම්ලා, ප්‍රාදේශිය ලේකම්ලා, ගොවිජන නිලධාරීන්  සහ තවත් නොයෙක්  වගකිවයුතු නිළධාරීන් සිටි බවද,  නීති ද  තිබුණ බවද ඒ සියල්ල තිබියදීත් වැව් පද්දතිය විනාශවී ඇතැයි සදහන් කරමින්,

මෙම වගකීම් විරහිත කාරයයෙන් නිළධාරීන් (තම සිතින්) නිදහස් කිරිම සදහා මෙය දේශපාලන බලපෑම් නිසා සිදුවු දේ ය යනුවෙන් තමන් පිලිගන්නා බවද

මේ වැව් පද්දතිය, එල්ලංගා පද්දතිය  සහ ප්‍රධාන වැව් මුලුමනින්ම නිදහස්කරගත යුතුය යන ස්ථාවරයක තමා ක්‍රියාත්මක වෙනවාය යි ද ඒ සදහා  චන්ද පදනම් පුද්ගලක යාලුකම්, දේශපාලන බලපෑම් ඒව එකක්වත් අදාල නැති බවද ප්‍රකාශ කළේය.

සම්පූර්ණ වීඩියෝ අපගේ යූටියුබ් චැනලයෙන් නරඹන්න >>>>>>