විරෝධතාකරුවන්ගේ අදහස්

රට පත්ව ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අප වෙබ්නිවුස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ විරෝධතා කරුවෙකු ප්‍රකාශකර සිටියේ අප හුරුව ඇත්තේ පිටරටින් ගෙන්වන පොහොර, හයිබ්‍රිඩ් බීජ සහ පිටරටින් ගෙන්වන කෘමිණාශක යොදාගෙන වගා කිරීමට බවත් මේ අර්බුදයට අප මුහුණ පෑමට එයත් හේතුවක් වන අතර මෙම ඩොලර් හිගය අතරේ අපට එම ක්‍රමයට වගාවන් කිරීමට නොහැකි වීම නිසා ඇතිවිය හැකි දුර්භික්ෂ තත්වය වැලැක්වීමට අප පිළියම් සෙවිය යුතු බවයි. තව දුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ වගා නොකර අත්හැර දැමූ වගාකරුවන් හා සම්බන්දවී ඔවුන් ට අවශ්‍ය පහසුකම් සපයාදෙමින් සාම්ප්‍රදායක දේශීය ක්‍රමයට වගා කටයුතු ඇරඹීමට තමන් පියවර ගන්නා බවයි. අරගලයේ යෙදෙන අතර තුර මෙම ප්‍රශ්න වලට විසඳුම් සෙවීමටත් අරගල කරුවන් කටයුතු කරන බව ඒමහතා පවසා ප්‍රකාශකර සිටියේය.

විරෝධතාකරුවන් ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>