පාර්ලිමෙන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා

රට ආර්ථික වශයෙන් බලාපොරොත්තු වෙන තැනට ගේන්න දැවැන්ත ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න සිද්ධ වෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ තියෙන එකඟතාවය ඉදිරියට අරගෙන යන්න සිද්ධ වෙනවා. අද හැන්දෑවේ අපි යෝජනා කරන වෙනස්කම් මොනවද කියලා ඔවුන් සමඟ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.

අපි අයි. එම්. එෆ්. ඒකට විරුද්ධව ඡන්දේ දුන්නේ නෑ. මොකද ඒ අවස්ථාවේ රට තිබිච්ච තිනින් ඉදිරියට යන්න නම් ඒ සහයෝගය අවශ්‍ය වෙලා තිබුණා. දැන් ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධත්වය ඉදිරිපත් කරපු කණ්ඩායම් කියන්න උත්සාහ කරනවා මේ අයි. එම්. එෆ්. එකත් එක්ක වෙච්ච එකඟතාවය කිසිසේත්ම වෙනස් කරන්න බැහැ, මේ දුක ම විඳගෙන ඉස්සරහට යන්න ඕනේ කියලා.

පාර්ලිමෙන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහහස්.!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>