තිස්ස අත්තනායක.

රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පිළිබඳව විශාල ආන්දෝලනාත්මක සමාජ කතිකාවක් ආරම්භ වී තිබෙනවා. විශේෂයෙන් පහුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වුණ කාරණාවක් තමා ඔහු හමුදා නිලධාරියෙක් ලෙස සේවය කරනකොට සිදුවූ පාස්කු ඉරිදා බෝම් ප්‍රහාරය සම්බන්ධයෙන් අරුණ ජයසේකර මැතිතුමාටත් වගකීමක් තිබෙනවායි කියලා.

කතෝලික සභාව වෙනුවෙන් ඒ හිමිනම පවා මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කරලා තිබුණා. කතෝලික සභාවේ අදහස වනුයේ දැඩි ලෙසම, අරුණ ජයසේකර ඇමතිතුමා වහාම ඒ තනතුරෙන් ඉවත් විය යුතුයි කියලා. ඒ සඳහා බලපෑම් ආණ්ඩුවට කරනවායි කියලා.

ඉතින් මේ වගේ චෝදනා ඉදිරිපත් වෙලා තිබෙන නිසා, ඒ සම්බන්ධයෙන් ඔහු යම් ආකාරයකින් ඉල්ලා අස් නොවන නිසා තමයි විශ්වාසභංග යෝජනාවක් මහජන මතයට අනුව ගේන්න විපක්ෂය හැටියට ක්‍රියා කරලා තිබෙන්නේ. ඒ පිළිබඳව ඉතාමත් ඉක්මනින් ඒ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට භාර දීමට සූදානම්ය.