පාර්ලිමේන්තු සැසිවාරය

“පහුගිය දිනෙක ආණ්ඩුව විදිහට ගත්ත යම් දේශපාලනික තීරණයක් සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන දෙකක් රූපවාහිනී නාලිකා දෙකක් මෙන්න මේ විදිහට මේ ප්‍රවෘත්තිය වාර්තා කරලා තිබ්බා. ඉදිරියේදී අඩු වියදමින් සුනිල් අරක්කු දෙන්නයි යන්නේ. ලංකාවම මත් කරන ආණ්ඩුවේ අලුත්ම වැඩේ. මෙහෙම තමයි පැත්ත ගියත් ඇත්ත කියනවා කියලා සමහර මාධ්‍ය ආයතන ජනමාධ්‍ය හරහා වාර්තා කරලා තිබ්බේ. මේකම වෙනත් ආකාරයකින් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් මේ විදිහට වාර්තා කරා ලංකා සීනි සමාගමෙන් ජනතාවට දෙන ප්‍රමිතිගත නිෂ්පාදනයක් ගැන ඇමති හඳුන්නෙත්තිගෙන් අනාවරණයක්.

ජනමාධ්‍ය කරණයයි, ජඩමාධ්‍ය කරණයයි කියන්නේ මොකක්ද? ඒ දෙකේ වෙනස මොකක්ද කියන එක සම්බන්ධයෙන් තේරුම් ගන්න තරම් අනුවණ නොමේරූ, ළදරු මනසක් තියෙන මිනිස්සු මේ රටේ නෑ කියලා අපි විශ්වාස කරනවා සහ ආණ්ඩුවක් විදිහට අපි ළදරු ආණ්ඩුවක් නෙමෙයි. මේ මධ්‍යකරණයන් දෙකේ තියන වෙනස වටහා ගන්න.”

පාර්ලිමේන්තු සැසිවාරයේ දී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>