එස්. බී. දිසානායක

මේ ප්‍රතිඵලය දිහා බොහොම මධ්‍යස්තව බැලුවොත් පේන දේ තමයි ආණ්ඩු පක්ෂය වැටිලාවත්, විපක්ෂය නැගිටලාවත් නෑ. අපේ පොදුජන පෙරමුණේ අයට ඡන්ද සීයට දෙකක් ගත්ත. තුනයි දශම ගාණක් තිබිලා ඒක සියයට නවයට ගිය එක ගියේ එයාලගේ හොඳටවත්, එයාලා පිළිබඳ පැහැදීමකටවත්, ඒ කිසි දෙයකට නෙවෙයි. විපක්ෂ, පක්ෂ සේරම කැඩිලා, බිඳිලා, කෑලි කෑලි වලට ගිහිල්ලා. ඒ නිසා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. පහුගිය ජනාධිපති මැතිවරණයේදී, පොදුජන පෙරමුණෙන්, රනිල්ට උදව් කරපු බොහෝ අපේක්ෂකයන් ගම් මට්ටමින් යන්න තැනක් තිබ්බේ නෑ. මිනිස්සු ආපහු පොහොට්ටුවට එකතු වෙලා යම්කිසි ඡන්ද ප්‍රමාණයක් වැඩි වුණා. හැබැයි ඒක කිසිසේත් ඔවුන් කෙරෙහි පැහැදීමකින් කියන එක ඔවුන් භාර ගන්නවා නම් ඔවුන් මුලාවක්. ඔවුන් කෙරෙහි තියෙන දැඩි අප්‍රසාදය, කලකිරීම හා පිළිකුල මේ රටේ ජනතාවට එදා වගේම අදත් ඒ ලෙසම තියෙනවා.

ඡන්ද ප්‍රතිඵලය විශ්ලේෂණය කළ SB.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>