හෂිනි සිල්වා

අර එක්ටා ගිවිසුම ගැන කතා කරන කාලෙ රටේ යම් යම් ප්‍රශ්න මතුවෙද්දී රිලව් ප්‍රශ්නෙත් මතු වුණා. නමුත් එම රිලා ප්‍රශ්නය ඇත්තටම ගොවි ජනතාවට මාරාන්තික ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. නමුත් රජය පැත්තෙන් මේ වෙද්දිත් යන්නේ සාකච්ඡාමය වශයෙන් යන දේවල් විතරයි. එයට ස්ථිරසාර විසඳුමක් රජය පැත්තෙන් නැහැ. රජය පැත්තෙන් එන සමහර උත්තර අපිට පිළිගන්නත් බැහැ. ඒ නිසා අපි ගොවි ජනතාවත් එක්කත් කතා කරලා, රජය පැත්තෙන් සහ ඒ අදාළ විශේෂඥයන් සමග කතා කරලා මෙයට ස්ථිරසාර විසඳුමක් දිය යුතුමයි. එහෙම නැත්නම් මේ අලුත් අවුරුද්ද ලබද්දී අපි මොනවා හරි වගා කරලා අපේ ගොවිතැන කරලා, ඒ කීයක් හරි හොයාගන්න තියෙන අවස්ථාව මේ රිලා ප්‍රශ්නය නිසා නැති වෙනවා. ඉතින් ආණ්ඩුවට මේ රිලා ප්‍රශ්නෙවත් විසඳගන්න වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.