පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය

ගිය සතියේ දින දෙකක් ගුරුවරු වැඩ වර්ජනය කල නිසා දරුවන් අතරමං වුණා. අද දිනයේ පාසල් නැවත වරක් වර්ජනය කරලා තිබෙනවා. අපේ බස් රථ හිමිකරුවන් දැනුම් දුන්නේ මේ අකර්මණ්‍ය වීම දිගින් දිගටම අකර්මණ්‍ය වීම තුළ අපිටත් සෘජුව බලපෑමක් ඇති වෙන බවයි.

අවුරුදු දෙකක් කොවිඩ් හැදිලා, රාජ්‍ය අංශයට වැටුප් දුන්නා එතකොට ඒ වැටුප් වර්ධනයට ගෙදර ඉඳලා වැටුප් අරගෙන තව කණ්ඩායමක් ඉන්ධන දීමනා පවා ගත්තා. එතකොට අපි කියන්නේ කොවිඩ් කාලය අවුරුදු දෙකක් ගෙදර ඉඳලා පඩි ගත්ත අය දැන් උද්ඝෝෂණය කරනවා. අපේ ලංකාවේ සල්ලි අච්චු ගගහා පඩි දුන්නා. ඒ ණය අදත් අපි ගෙවනවා. අපි කියනවා ජනාධිපතිවරයාට කොන්ද පණ තියාගෙන වැඩ කරන්න. විශේෂයෙන්ම එක වැට් එකක්වත් අපි වැඩි කරන්න දෙන්නේ නැහැ. වැට් එක වැඩි කරන්න සූදානම් වුනොත් අපි සියලුදෙනා ඒකරාශී වෙලා දැවැන්ත වැඩ වර්ජනයක් සිදු කරන්න සැලසුම් කරනවා.

පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>