රත්නපුර, අයගම ප්රාදේශීය සභාවේ සහ වව්නියාව, චෙන්ගලචෙට්ටිකුලම් ප්රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට සමගි ජන බලවේගය අද (25) සමත්වුණා.
අයගම ප්රාදේශීය සභාවේ මංගල සැසි වාරයේදී එහි සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ උපුල් පියසේන අයගම ප්රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත්වී තිබෙනවා.
එසේම, චෙන්ගලචෙට්ටිකුලම් ප්රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ටී. ඉම්තියාස් එම ප්රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත්වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
