අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය යාවත්කාලීන කර තිබෙනවා.
ඒ අනුව, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දෙවන අදියර යටතේ මෙම සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇති අතර, එහිදී අවදානම් දර්ශක කිහිපයක් එකතු කිරීමට ද පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ ඇතිවන නොසන්සුන්තාවයන්, ත්‍රස්තවාදය සහ බිම් බෝම්බ යනාදී කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව අමෙරිකාව සිය සංචාරක උපදේශනය මගින් දක්වා තිබේ.
