ශ්‍රී ලංකා රජය මේ වන විට ඉන්ධන මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලියට ඇමරිකානු West Texas Intermediate (WTI) වර්ගයේ බොරතෙල් එකතු කිරීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.
එක්සත් ජනපදය සමඟ ඇති වෙළඳ අසමතුලිතතාවය අවම කිරීම සහ ශ්‍රී ලංකාවේ අපනයන සඳහා වන 30%ක තීරුබදු අඩු කරවා ගැනීමේ උපායක් ලෙස මෙම පියවර සලකා බලන බව සඳහන් වේ.
දැනට ශ්‍රී ලංකාවට තෙල් ආනයනය කෙරෙන්නේ ප්‍රධාන වශයෙන් ගල්ෆ් කලාපය තුළ සිටින රටවල්වලින්ය. කෙසේ වෙතත්, අමෙරිකාවේ ලියාපදිංචි බොරතෙල් සපයන්නන්ටද ඉදිරිපස ටෙන්ඩර් ක්‍රියාවලියට සහභාගී වීමේ අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර පවසයි.
WTI සහ ගල්ෆ් කලාප බොරතෙල් මිල ගණන් සළකා බලමින්, ශ්‍රී ලංකාවට වඩාත් සුදුසු මූලාශ්‍රය තීරණය කරනු ඇති බවද ඔහු තවදුරටත් පැවසීය.
