අමාත්‍ය විජිත හේරත්.

අමෙරිකාව විසින් පනවා ඇති තීරුබද්ද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙරට නියෝජිතයින් පිරිසක් ලබන 18 වැනිදා අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඒ අනුව, අදාළ සාකච්ඡා දිගින් දිගටම සිදු කරන බවත්, අගෝස්තු 01 වැනිදාට පෙර මේ වනවිට පනවා ඇති 30% ක තීරු බද්ද අඩු කර ගැනීමට උපරිම උත්සාහ කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් ද්වි-පාර්ශ්වික ගිවිසුමකට පැමිණීමට සාකච්ඡා කරමින් ඇති බවයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.