විමල් වීරවංශ.
ජනාධිපතිතුමා ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිසිම කුමන්ත්‍රණයක් අභ්‍යන්තරයෙන් හෝ බාහිරව එන්න දෙන්නේ නෑ කියලා කිව්වා.
ඒකේ වැදගත් දේ ‘අභ්‍යන්තරයෙන්’ පාර්ලිමේන්තුව තුළින් හෝ පිටතින් රාජ්‍යය අභ්‍යන්තරයෙන් හෝ බාහිරෙන් මේ කියන කුමන්ත්‍රණය මොකක්ද?
ඉතින් එතකොට අපට පේනවා, ඔහු ඉන්නේ අනාරක්ෂිත මනසක, තමන් බිය ගැන්වූ පසුබිමක. ඒ බිය ගැන්වූ පසුබිම මත සිදුකරන ලද, අනාරක්ෂිත මනස හොඳින් හෙළිදරව් කරන ලද කතාවක් තමයි කළේ.
ජනාධිපතිතුමාගෙන් අහන්න ඕනේ, අභ්‍යන්තරව තියෙන්නේ මොනවද? පැලවත්තයි, ජනාධිපති ලේකම් කාර්යාලයයි අතරද? නැත්නම් පැලවත්තයි, NPP එකයි අතර ද? නැත්නම් පැලවත්තයි පැලවත්තයි අතර ද? මොකක්ද මේ අභ්‍යන්තර කුමන්ත්‍රණය කියන එක එතුමා පැහැදිලි කරන්න ඕනේ.
දැන් කියලා තියෙනවනේ සුන්බුන් ගොඩක් එකතු කරලයි මේ ආණ්ඩුව හැදුවේ කියලා කලින් කිව්වනේ වෙන පක්ෂෙක පාපිස්සකටවත් ගන්නේ නැති මිනිස්සු දැන් මේකේ ඇවිල්ලා කෙරුමෝ වෙන්න හදනවා කියලා. මේ ඔක්කොම අභ්‍යන්තර මොකක් හරි අවුලක පෙරනිමිති නේ! අපි නෙවෙයි කියන්නේ, රටේ ජනාධිපතිනේ.
නිකන් නෙවෙයිනේ දෙයි හාමුදුරුවනේ! ජනාධිපති හැටියට තකහනියක් ඇවිල්ලා, පැය දෙකක් පාර්ලිමේන්තු කාලය අරගෙන පාර්ලිමේන්තුවේ නියෝජනය නොවන අපි ගැනත් අනියමාර්ථයෙන් සඳහන් කරමින් කරන ප්‍රකාශ නේ.
