ආචාර්ය හර්ෂ ද සිල්වා

ණය පැහැර හැරීමකට ලක් වුනොත් නැවතත් අපිට අප්‍රේල් මාසයේ විඳින්න වෙච්ච දුක විඳින්න සිද්ධ වෙනවා. ඊට පස්සේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න දෙවෙනි පාර ගියෝතින් අර්ථසාධක අරමුදලට ආයෙත් වදිනවා.

ඉතින් ඔය කාරණාව නිසා තමයි අපි ජනාධිපතිවරයාට කිව්වේ ණය හිමියන් සමඟ එකඟතාවයකට එන්න කලින් ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්, වාණිජ ණය හිමියන්, ද්විපාර්ශික ණය හිමියන් සමඟ විපක්ෂය සාකච්ඡාවකට පැමිණිය යුතුයි කියලා. එතන තමයි විනිවිදභාවයක් තියෙන්නේ.

අපි බලාපොරොත්තු වෙනවා තව මාස කීපයකින් ඊළඟ ආණ්ඩුව ගන්න. එහෙම නම් අපිට හැකියාවක් තියෙන්න ඕනේ මොවුන් සමඟ සාකච්ඡා කරලා ඒ වැඩපිළිවෙලට එකඟ වෙන්න පුළුවන්ද බැරිද කියන එක පිළිබඳව තීරණයකට එන්න.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>