අචිනි ලොකුබණ්ඩාර – එක්සත් ජාතික පක්ෂය

“මේ වෙනකොට අපේ රට රැකියා සම්බන්ධව ලොකු අවධානමකට මුහුණ දෙන මොහොතක්. ඇමරිකා එක්සත් ජනපදයේ ට්‍රම්ප් පාලනයෙන් ශ්‍රී ලංකාව පමණක් නෙමෙයි රටවල් අධික ප්‍රමාණයකට ලොකු තීරුබදු පනවලා තියෙනවා. ආණ්ඩුව මේ සඳහා සෑහීමකට පත්වෙන දෙයක් කරන්නේ නැහැ. මේක අපි සැහැල්ලුවට ගන්න බැහැ. මොකද අපේ මුළු අපනයනය ගත්තොතින් සියයට විසිපහක්ම යන්නේ ඇමරිකාවට. ඍජු හා වක්‍රව මිලියන තුනකට අධික පිරිසක් මේ කර්මාන්තවල නියැලී ඉන්නවා. අපි කතා කරන්නේ මිලියන තුනකට අධික පිරිසකගේ රැකියා සම්බන්ධව. ආණ්ඩුව මේ වෙලාවේ හදනවා කර්මාන්ත හරහා ලැබෙන ආදායම වෙන ක්‍රම වලින් ලබාගන්න. ඒක හොඳ විකල්පයක්. හැබැයි අපි ආණ්ඩුවෙන් අහන්න කැමතියි එතකොට මේ මිලියන තුනක් ජනතාවට මේ ශ්‍රමිකයන්ට අද කවුද රැකියා දෙන්නේ?”

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>