ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා.

අපේ රටේ මෑත කාලයේ තිබිච්ච සියලුම ජනමත සමීක්ෂණ ඔප්පු කරලා තියෙන්නේ මේ වෙලාවේ මාලිමාව උඩින්. එක්තරා කාලෙක අපට විහිළු කර කර හිටියා ඔය ෆේස්බුක් ජනාධිපතිලා කියලා. හැබැයි දැන් මහපොළොවෙත් ඇත්ත ඒක. අපිට විශාල ජනතා බලවේග එකතු කරන්න පුළුවන් වෙලා තියෙනවා. අපේ ජනතා බලවේග එකතු කිරීම කොතරම් ප්‍රබලද කිව්වොත්, ඒවා කොපි කරන්න විපක්ෂේ සමහර අයට සිද්ධ වෙලා තියෙනවා. ඒකෙන් පෙන්නන දේ තමයි ජනතාව විශ්වාස කරමින් ඉන්නේ ජාතික ජන බලවේගයේ මාලිමාව. ඒක නිසා තමන්ගේ පරාජය නියත බව දැනගත්තු බලවේග තමයි දැන් මේ කලබල වෙලා තියෙන්නේ. දැන් සජිත් ප්‍රේමදාසගේ විපක්ෂය මේ දවස්වල ආණ්ඩුව ගැන මොනවා හරි කියලා තියෙනවද? ඒගොල්ලන්ගේ ප්‍රහාරය තියෙන්නේ ජාතික ජන බලවේගයට. ආණ්ඩුවත් එක්ක ඒගොල්ලෝ ශේප් එකේ ඉන්නවා. පැරණි ආණ්ඩු කරපු හැමදෙනාම අසමත්. ඒගොල්ලෝ තවදුරටත් මේ රටේ දේශපාලනය තුළ වලංගු නෑ.

මාධ්‍ය හමුවක දී ජාතික ජන බලවේගයේ ටිල්වින් සිල්වා දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>