පසුගියදා පැවති ආපදා තත්ත්වයත් සමඟ, ගාස්තු අය කිරීමකින් තොරව අධිවේගී මාර්ග වල ගමන් කිරීමට රථ වාහනවලට අවස්ථාව ලබාදී තිබු අතර ආපදා තත්ත්වය පහව යාමත් සමග අධිවේගී මාර්ගවල යළි සාමාන්‍ය පරිදි ගාස්තු අය කරන බව, අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු හා නඩත්තු අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර්.ඒ.ඩී. කහටපිටිය පවසනවා.