අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ මෙරට උපකාරක පන්ති ක්ෂේත්‍රය ද ප්‍රතිසංස්කරණයට ලක්වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
පාසල් කාලය තුළ උපකාරක පන්ති පැවැත්විය නොහැකි බවට මේ වනවිට චක්‍රලේඛගත කර ඇති බවයි වැඩසටහනකට එක්වෙමින් අග්‍රමාත්‍යවරිය සඳහන් කළේ.
ඒ අනුව, එසේ වාර්තා වනවා නම්, ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමට කිසිසේත් පසුබට නොවන බවයි අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
