ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා විසින් සමෘද්ධි බැංකු සහ සමෘද්ධි ප්‍රජාමූල සමිති පිළිබඳ සොයා බලා වාර්තාකිරීමට පත්කළ ස්වාධීන විද්වත් කමිටුව සිය වාර්තාව අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේ.
මාස තුනක කාලයක් පුරා සිදුකරන ලද ක්ෂේත්‍ර හා නියැදි පරික්ෂාවකින් පසු සකස්කරන ලද අදාල වාර්තාව පසුගිය මස 11 වන දා අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා වෙත අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පිළිගැන්වූ අතර ඇමතිවරයා හා අමාත්‍යංශ නිලධාරින් වෙත වාර්තාව පිළිබඳ කමිටුවේ නියෝජිතයන් දීර්ඝ අදහස් ඉදිරිපත් කරීමක්ද සිදුකරනු ලැබුවා.
කමිටුව විසින් ඉදිරිපත් කර ඇති යෝජනා හා නිර්දේශ මත පදනම්ව ක්‍රියාකාරී සැලැස්මක් සැකසීම සඳහා තමන් මේ වනවිටත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින්වෙත උපදෙස් ලබා දී ඇති බවත් වැඩිදුරටත් ඇමතිවරයා ප්‍රකාශකර සිටියා.
