හිටපු පා.ම. සුජීව සේනසිංහ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මංගල රැළියේ එතුමාගේ කාර්යභාරය වුණේ සජබයට ප්‍රහාර එල්ල කිරීම. එතුමාට විශාල කරදරයක් බවට පත්වෙලා තියෙනවා සජබය. ඒ ප්‍රහාර එල්ල කරේ එතුමා දන්නවා සමගි ජන බලවේගයට විශාල ශක්තියක්, ඒ වගේම බලයක් මේ මැතිවරණය සම්බන්ධයෙන් එනවා කියන එක.

රාජපක්ෂලාගේ සහයෝගයෙන් තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ වෙනකොට වැඩ කරගෙන යන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයා ඉතාමත් කෙලින්ම කිව්වා එතුමා කාගෙවත් පිටිපස්සේ ගියේ නැහැ. ප්‍රතිපත්ති ගරුකව, කෙලින් වැඩ කරන්න පුළුවන් නම් එතුමා භාරගන්න කැමතියි කියන එකත්, එහෙම නැත්නම්, එතුමාට ඒ කාර්යභා කරන්න බෑ කියන එකත් එතුමා ඉතා පැහැදිලිව දැක්වුවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>