පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම්

පහුගිය දෙදාස් විසි දෙකේ අරගලය තමයි, ලංකාවේ දේශපාලනයේ යම් යම් දේශපාලන වෙනස්කම් වලට බලපාපු තීරණාත්මක දේශපාලන සිදුවීම, දේශපාලන සංසිද්ධිය. එවැනි බලයක දේශපාලන ප්‍රකාශනය මැතිවරණයේදී එක්තරා ආකාරයකට ජාතික ජන බලවේග ආණ්ඩුවක්, ජනාධිපතිවරයෙක් පත්කර ගැනීම සඳහා විශාල වශයෙන් ඉවහල් වුණා කියන කාරණය. ඒක ඉතිහාසයේ මකා දමන්න පුළුවන් අවස්ථාවක් නෙවෙයි.

පැවතිච්ච මැතිවරණ වලදී ඒ විරෝධය අඩු වෙලා තිබුණේ නැහැ. විරෝදයේ වාසිය ජවිපේ නායකත්වය දුන් එන්. පී. පී. ආණ්ඩුව, මාලිමා ආණ්ඩුව ගත්තා. ඒ නිසා තමයි අපි දැක්කේ, ඒ ජනතාවගේ අපේක්ෂාවන්, ජනාධිපතිවරණය දෙදාස් විසි හතරේ සැප්තැම්බර් මාසේ සීයට හතළිස් දෙකක් අනුර කුමාර සහෝදරයාට ලබා දුන්නු වෙලාවේ, ඊට පස්සේ ඒක මදි නිසා ආණ්ඩුව කරගෙන යන්න පාර්ලිමේන්තු මන්ත් රීධූර එකසිය පනස් නමයක්, තුනෙන් දෙකේ බලයක් ලැබුණා සීයට හැට දෙකකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලැබුණා. හැට නම ලක්ෂයකට ආසන්න ඡන්ද ප්‍රමාණයකුත් ලැබුණා. මෙවර පළාත් පාලන මැතිවරණයේදීත් අපි විශේෂයෙන් අවධාරණය කරන්න ඕන කාරණය තමයි, ඒ අපේක්ෂාව, තවදුරටත් මේ ජනතාව තුල තියෙනවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>