විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසියට සහභාගී වීම සඳහා ජිනීවා බලා පිටත්ව ගොස් ඇත.

මෙම සංචාරය අතරතුර ඔහු ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයන් හා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත්, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Turk සමඟ විශේෂ හමුවක් පැවැත්වීමටත් නියමිතය.