වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පවරාගත් කතරගම මැණික් ගඟ අසබඩ නිවස තමාට අයත් දේපළක් නොවන බව හිටපු ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

කතරගම ප්‍රදේශයේ කිසිදු ගොඩනැගිල්ලක් ඉදි කිරීමට හෝ පවත්වා ගෙන යෑමට තමා හට කිසිදු උවමනාවක් තිබී නැති බවයි සිය Facebook ගිණුමේ සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

එම ගොඩනැගිල්ලේ අයිතිය පිළිබඳව පසුගිය වකවානුවේ CID පරීක්ෂණයක් පැවැත්වූ අතර, එයට අදාළව තමා විසින් ප්‍රකාශයක් ලබාදුන් බවද ඔහු කියා සිටියේය.

ඒ පිළිබඳව තමාගෙන් විමසීමට හේතු වූයේ එම ගොඩනැගිල්ලට විදුලි සම්බන්ධතාවය ලබා ගැනීම සඳහා “ජී.රාජපක්ෂ” යන අයෙකුගේ නමින් ඉදිරිපත් කර තිබූ අයදුම්පතක් වීම හේතුවෙන් බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.