අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට රුපියල් 4,115ක මිලක පවතින කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,940කි.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,582 කි.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් මිල නව මිල රුපියල් 740ක් වන අතර, එය අඩු කෙරුණේ රුපියල් 32කින්.