ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මුහම්මදු සරිෆු අබ්දුල් වාහිද් අද (08) උදෑසන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඉදිරියේදී ඔහු මෙලෙස දිවුරුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි මුහම්මදු සාලි නලීම්ගේ ඉල්ලා‍ අස්වීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ඔහු මෙලෙස දිවුරුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ.