පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

මහබැංකුව තමන් අත්තනෝමතික ලෙස වැඩිකරගත්ත වැටුපෙන් සියයට විසිපහක් අඩු කරගන්න තීරණය කරලා තිබෙනවා. ඒ අපි ඉදිරිපත් කරපු පාර්ලිමේන්තු පනත් කෙටුම්පතට බය වෙලා සහ පාර්ලිමේන්තුව රැවටීමේ යටි අරමුණින් එහෙම කරලා තියෙන්නේ.

මේ පනත සම්මත වුණොත් ආයේ කවදාවත් මෙවැනි දැවැන්ත වැටුප් වැඩි කිරීම් ගන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා තමයි මහ බැංකුව බියට පත් වෙලා තිබෙන්නේ. මහ බැංකුවේ තියෙන්නේ තරඟකාරී වටපිටාවක මහන්සිවෙලා උපයාගත්ත ලාභයක් නෙවෙයි. පාර්ලිමේන්තුවේ පනතකින් ලබාදුන්නු ඒකාධිකාරයක් නිසා ලැබුණු ලාභ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>