කටුවපිටිය දේවස්ථානය බාර පියතුමන්

පහුගිය පාස්කු ඉරිදා දවසේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්මයා කටුවපිටිය දේවස්ථානයටත්, ඒ වගේම කටුවපිටිය ගමටත් ගිහිල්ලා තිබුණා. ඒ පිළිබඳව නොයෙකුත් අය නොයෙකුත් අර්ථකථන දෙනවා. සභාවටත් මීසම්භාර පියතුමාටත් චෝදනා නැගීමුත් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවෙනවා.

පාස්කු ඉරිදා දිව්‍ය පූජාව අපි පැවැත්තුවා. එතුමා සමහර ගෙවල් වලට ගිහිල්ලා බඩු මල්ලක් ලබා දී ඊට පස්සේ දේවස්ථානයට ඇවිත් තිබුණා එපමණයි සිද්ධ වුණේ.

අවුරුදු පහක් තිස්සේ ඇත්තටම අපි ඉල්ලා සිටින්නේ වියළි ආහාර මල්ලක් නොවේ. අපි ඉල්ලා සිටින්නේ සාධාරණත්වය. පාස්කු ප්‍රහාරය පිටිපස්සේ ඉන්නේ කවුද? කවුද මේ මහ මොළකරු? ගැන අනාවරණයන් ලබා දෙන්න කියලා තමයි ඉල්ලා සිටින්නේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>