නීතිඥ යළිත් විජේසුරේන්ද්‍ර

නවක මන්ත්‍රීවරයෙක් වශයෙන් ස්වාධීන කණ්ඩායමකින් යාපනය දිස්ත්‍රික්කයට තරඟ කරලා තේරී පත්වුණු රාමනාදන් අර්චුනා කියන වෛද්‍යවරයා සම්ප්‍රදායිකව විපක්ෂ නායකතුමාට වෙන් කරලා තියෙන පුටුවේ ගිහිල්ලා අසුන් ගත්තා. සම්ප්‍රදායන් කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක බොහොම වැදගත් කොටසක්. එතකොට පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩ කිරීමක් සිදුවෙලා තියෙනවා නම්, යම් විනය ක්‍රියාමාර්ගයක් ගැනීම පාර්ලිමේන්තුවට භාරයි.

හැබැයි එතුමාගේ Facebook live එක පටන් ගන්නේ රාමනාදන් අර්ජුනා, තමිල් ඊලමේ සිට කියන ප්‍රකාශය කරලා. එතකොට එතුමාගේ Facebook profile එකට ගිහින් බැලුවහම Cover photo එක විදිහට දාල තියෙන්නේ නියඟලා මල. නියඟලා මල කියලා කියන්නේ LTTE සංවිධානය තමන්ගේ නිල පුෂ්පය විදියට සලකපු ලාංඡනය. එතකොට ඒ ලාංඡනය දාගෙන සිටීමෙන් එතුමා ව්‍යංගයෙන් ප්‍රකාශ කරන්න හදන්නේ දෙමළ ජනතාව අතර යම් බෙදුම්වාදී අදහස් සහිතව යම් පිරිසක් තවමත් සිටිනවා නම්, ඒ පිරිසට පණිවිඩයක් දීමද මේ රට බෙදන තව ව්‍යාපාරයක නායකයෙක් වගේ. ඒ වගේ ඉස්මතු වීමේ උත්සාහයක් තමයි මොහු දරන්නේ.

නීතිඥ යළිත් විජේසුරේන්ද්‍ර මාධ්‍යට දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>