මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා 2023 වසරේ මාර්තු මස නමවනදා පැවැත්වීමට තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුලින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියම කළා.