නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා පැවැත්වීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) 2026 නොවැම්බර් 27 වැනිදා තීරණය කර ඇත.
මෙම දීපව්‍යාප්ත වැඩවර්ජනයට එක්වන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය මධ්‍යම කාරක සභාව රැස්ව ගන්නා බව සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මීට පෙර ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව මධ්‍යම කාරක සභාව නොවැම්බර් 27 වැනිදා රැස්වීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹ ඇති බව සඳහන් වේ.


