පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රජයේ දිළිඳුකම පිටුදැකීමේ වැඩපිළිවෙල හා ග්‍රාමීය සංවර්ධන කාර්යංශය මගින් ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ජාත්‍යන්තර හා දේශීය රාජ්‍ය නොවන සංවිධාන වෙත හඳුන්වාදී ඒ පිළිබඳ අදහස් හුවමාරුකර ගැනීමේ සැසියක් පසුගියදා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජාසවිබලගැන්වීමේ අමාත්‍ය ගරු උපාලි පන්නිල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුනා. ග්‍රාමීය ප්‍රජාව අතර මේ වනවිට කටයුතු කරමින් සිටින රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරමින් විශාල නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටි අතර දිළිඳුකම පිටුදැකීමේ රජයේ නව වැඩපිළිවෙල ඔවුන්ගේ විශේෂ අවධානයට ලක් වුනා. දිළිඳුකම පිටුදැකීමේ රජයේ යෝජිත නව වැඩසටහන හා මධ්‍යගත වෙමින් ඉදිරියේදී තම සංවිධානවල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට එම සංවිධාන මෙහිදී එකගතාව පළකර සිටි අතර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන රුපියල් මිලියන 280 ක ව්‍යාපෘතියක් ඒ සමග එක් කිරීමට සිය එකගතාව පලකර සිටියා. මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ නිලධාරින් හා ජනාධිපති ලේකම් කාර්යාලය නියෝජනය කරමින් අතිරේක ලේකම් වරුන් වන කපිල ජනක බණ්ඩාර, බුද්ධික ජයතිස්ස, සංජය වීරසිංහ, ප්‍රසාද් කෝරලගේ යන මහත්වරු එක්ව සිටියා.
