පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා

මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශයක් තිබුණා ආණ්ඩුව රජයේ දේපළ විකිණීම නතර කරන්න ඕනේ කියලා. අපිට හරි පුදුමයි මේවා. මෙච්චරකල් එතුමා රජයේ විකුණන ඒවා සම්බන්ධව යෝජනා එන කොට ඒවට පක්ෂපාත වෙලා, තමන්ගේ කණ්ඩායම ඡන්දේ දීලා, ඒවා ගැන නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරලා, දැන් මැතිවරණයක් එන කොට විතරක් කියනවා රජයේ දේපළ විකුණීමට අපි විරුද්ධයි කියලා.

අපිට කියන්න තියෙන්නේ තනිකර රටේ ජනතාව නැවත වරක් මුලා කරන්න කරන ප්‍රකාශයක් හැටියට තමයි මේක අපි දකින්නේ. අපි දන්නවනේ පොදුජන පෙරමුණේ නායකයෝ බොහොම දක්ෂයි රටේ ජනතාව මුලා කරලා බලය ගන්ඩ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>