වෛද්‍ය චමල් සංජීව
මම සමගි ජන බලවේගයෙන් පසුගිය ඔක්තෝම්බර් නොවැම්බර් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන විට ඉතා පැහැදිලිව රාජ්‍ය සේවයෙන් ඉවත්වීමේ ලිපිය බාරදීලා තමයි මැතිවරණයට තරඟ කළේ. අද දක්වා මට ඒ සම්බන්ධව රාජ්‍ය සේවා කොමිෂන් සභාව හෝ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා හෝ කිසිඳු විරෝධතාවයක්, ලිඛිතව දැනුම් දීමක් කරලා තිබුණේ නැහැ. ඒ වගේ තත්වයක් යටතේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කරපු ලිපියක් යැයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය සහ අද ප්‍රධාන ජනමාධ්‍ය මේ සිදුවීම වාර්තා කරලා තිබුණා.
ඇත්තටම එම සිදුවීමට අදාල සේවාදායකයා වෙත ලිපියක් යැව්වා නම්, එම ලිපිය ලැබෙන්නටත් පෙර යම්කිසි විදිහකින්, ජනමාධ්‍යට එකතු කරලා, අර්ජුන මහේන්ද්‍රන්ව අල්ලන්න ආපු වර්තමාන ආණ්ඩුව, චමල් සංජීවගේ වැඩ තහනම් කළා කියලා, මේ ආණ්ඩුව කෙරෙහි දැඩි අප්‍රසාදයක් කලකිරීමක් සමාජ මාධ්‍ය තුළ නිර්මාණය කිරීමේ යම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණාද කියලා, බරපතල සැකයක් තිබෙනවා.
වෛද්‍ය චමල් සංජීව මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>