ගාසා තීරයට අත්‍යවශ්‍ය මානුෂීය ආධාර ඇතුළු කිරීමට වහාම අවසර ලබාදෙන ලෙස ඔස්ට්‍රේලියාව, කැනඩාව, ඉතාලිය සහ බ්‍රිතාන්‍යය ඊශ්‍රායලයෙන් ඒකාබද්ධ ඉල්ලීමක් කර තිබේ. ගාසා තීරයේ පවතින දැඩි මානුෂීය අර්බුදය හමුවේ ඊශ්‍රායලය අත්‍යවශ්‍ය ආධාර ඇතුළු කිරීමට බාධා පමුණුවන බව එම රටවල විදේශ අමාත්‍යවරුන් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක දැක්වේ.
පසුගිය කාලයේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ගාසා තීරයේ කූඩාරම් දසදහස් ගණනක් විනාශ වී ඇති අතර, විශාල පිරිසකට නවාතැන් අහිමි වී තිබේ. ගාසා වැසියන්ට අවශ්‍ය කූඩාරම් 150,000ක් ඇතුළු සහනාධාර ද්‍රව්‍ය මේ වන විට දේශසීමා ආසන්නයේ රඳවා තබා ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තවලට අනුව ගාසා තීරයේ මිලියන 1.9කට අධික පිරිසක් අවතැන්ව සිටින අතර, ශීත සහ වැසි සහිත කාලගුණයට මුහුණදීම සඳහා කූඩාරම් සහ මෙට්ට විශාල ප්‍රමාණයක් අවශ්‍ය වී තිබේ. යුරෝපා සංගමය ද ගාසා තීරයේ තත්ත්වය පිළිබඳ කනස්සල්ල පළ කරමින් සියලු දේශසීමා පිවිසුම් යළි විවෘත කරන ලෙස ඉල්ලා ඇති අතර, අර්බුදය තවදුරටත් උග්රවීමට පෙර කඩිනම් පියවර ගන්නා ලෙස රටවල් හතරේ විදේශ අමාත්‍යවරුන් අවධාරණය කර ඇත.

