පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට විරුද්ධව අක්‍රීය ගමන් බලපත්‍රයක් භාවිත කළ බවට ආගමන විගමන පනත යටතේ පවරා තිබූ නඩුව පිළිබදව අද (01) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා දී තිබෙනවා.

එහිදී විමල් වීරවංශ මහතා එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

නඩුවට අදාළ සියලුම කරුණු සලකා බැලීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ ගමන් බලපත්‍රය අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර හෝ ව්‍යාජව සැකසූ එකක් නොවන බවද ආගමන විගමන නිලධාරීන් අධිකරණය හමුවේ සාක්ෂි ලබා දෙමින් පිළිගෙන තිබෙනවා.

මෙම කරුණු සියල්ලම සැලකිල්ලට ගෙන විමල් වීරවංශ මහතාව නිදොස් කොට නිදහස් කරන ලෙස මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම සළකා බැලූ මීගමුව මහේස්ත්‍රාත්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාව මෙලෙස එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.