-අමාත්‍ය හරින් ප්‍රනාන්දු –

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දේශපාලනීකරණයෙන් ඉවත් කිරීමේ පියවරක් ලෙස සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ වන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් 2024 අංක 1 දරන සුවිශේෂී රෙගුලාසියකට අද (මැයි 03) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී අත්සන් තබන ලදී.

එය 1973 අංක 25 දරණ ක්‍රීඩා නීති පනතට අනුකූලව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් යටතේ ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගම් 73 ක අවශ්‍යතා ඇතුළත් අතර අවශ්‍ය විටෙක පියවර ගැනීමට අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවරා ඇත.

තවද සියලුම ක්‍රීඩා අංශයන්හි දුක් ගැනවිලිවලට සවන් දී රටේ ක්‍රීඩාවේ යහපත උදෙසා ඔවුන්ට මඟ පෙන්වන ඔම්බුඩ්ස්මන්වරයෙකු අමාත්‍යංශවරයා විසින් පත් කරන ලදී.