යාපනය, මාදගල් කුසුමන්තුරෙයි වෙරළ ප්රදේශයේදී සිදු කළ විශේෂ මෙහෙයුමකදී අයිස් සහ හෙරොයින් මත්ද්රව්ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාව විසින් අද (27) අලුයම සිදු කළ මෙම මෙහෙයුමේදී මත්ද්රව්ය ජාවාරම සඳහා යොදාගත් බවට සැකකෙරෙන යාත්රාවක්ද නාවික හමුදා භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්ද්රව්ය තොගය සම්බන්ධයෙන් යාපනය පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයේ විශේෂඥ දායකත්වය යටතේ සිදු කළ පරීක්ෂණවලදී එහි අයිස් සහ හෙරොයින් අඩංගු බව තහවුරු කරගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කරන ලදී.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සහ පරීක්ෂණ තවදුරටත් ක්රියාත්මක වන අතර, ඉදිරි පරීක්ෂණවලදී අනාවරණය වන තොරතුරු පසුව දැනුම් දීමට නාවික හමුදාව අපේක්ෂා කරයි.




