ඉන්දීය සාගරයේ සමුද්‍රීය ආරක්ෂාව, දේශසීමා හරහා සිදුවන ජාවාරම් මැඬලීම සහ ආපදාවලට එක්ව ප්‍රතිචාර දැක්වීම ඇතුළු කටයුතු සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින සහ මොරිෂස් රාජ්‍යය 2026–2027 සහයෝගිතා සැලැස්මක් සම්මත කර තිබේ.
නොවැම්බර් 25 වැනිදා මාලදිවයිනේ පැවති කොළඹ ආරක්ෂක සමුළුවේදී මෙම එකඟතාවට පැමිණි බව නොවැම්බර් 26 වැනිදා නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ සඳහන් වේ. ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට නායකත්වය දුන්නේ ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතාය. ඔස්ට්‍රේලියාව සහ මැලේසියාව ආරාධිත රටවල් ලෙස හමුවට එක්ව සිටියේය.
සමුළුව අතරතුර ආරක්ෂක ලේකම්වරයා මාලදිවයින් ජාතික ආරක්ෂක උපදේශකවරයා සමඟ වෙනම සාකච්ඡාවක් ද පැවැත්වීය. මත්ද්‍රව්‍ය ජාවාරම, නීතිවිරෝධී මසුන් ඇල්ලීම සහ ආපදා සහන කටයුතුවලදී දෙරට අතර සහයෝගිතාව වැඩි කිරීම එහිදී සාකච්ඡාවට ලක්විය.



