මුදල් රාජ්‍ය අමාත්‍ය රංජීත් සියඹලාපිටිය

දෙදහස් විසි හතරේ අයවැය ලේඛනයට අනුව 2024 දෙසැම්බර් 31 වනදා වෙනකල් විතරයි ආදායම් වියදම් වලට පාර්ලිමේන්තුවේ අනුමැතිය තියෙන්නේ. දෙදාස් විසිපහ සඳහා වෙනම අයවැයකින් අනුමැතිය ගත යුතුයි. ජනාධිපතිවරණයක දී වැදගත් දේවල් වන අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වැදගත් දෙය තමයි අයවැය ලේඛනය.

රජයක් හැටියට අපිට පුළුවන් අයවැය ලේඛනයක් ඉදිරිපත් කරලා ඉතාම ආකර්ෂණීය යෝජනා රාශියක් කතා කරන්න. හැබැයි අපි ඊට වඩා වෙනස් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනවා. බොහෝ විට එය මාස තුන හතරක කාලයකට වේවි. මොකද නව ජනාධිපතිවරයාට පුළුවන් ඒ වර්ෂයට ගැලපෙන අයවැය ලේඛනය සම්මත කරගන්න. අතුරු සම්මත ගිණුමට අලුත් දෙයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. රාජ්‍ය සේවකයන්ගේ පඩිය, අස්වැසුම සහ අනිකුත් වියදම් කරන්න පමණමයි අවසර ගන්නේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජීත් සියඹලාපිටිය මාද්‍ය හමුවකදී දැක්වූ කරුණු

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>